Wednesday, February 26, 2025

General line - 0115112241

අනු නමයෙන් බේරුණු ගුවන් අනතුර 



ගුවන් තොටුපලේ ධාවන පථයක සිදුවීමට ගිය විශාල අනතුරක් බේරා ගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

මෙම සිදුවීම මුම්බායි ගුවන් තොටුපළේ සිදුවී ඇති අතර ගුවන් මගීන් විසින් ලබා ගත් වීඩියෝ සමාජ මාධ්‍යට නිකුත් වී තිබෙනවා 

මුම්බායි ගුවන් තොටුපළේ ධාවන පථයක පියාසර කිරීමට සුදනම්වූ මගීන් 100කට අදික ප්‍රමාණයක් රැගත් ඉන්ඩිගෝ ගුවන් යානයත්  මගීන් රැගෙන පැමිණි  එයාර් ඉන්දියා ගුවන් යානයත් එකම ධාවන පථයක ගොඩබැස්සවීම සහ ඉහලට නැග්ගවීම සිදුවී තිබෙන්නේ,

සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් වී ඇති වීඩියෝවක මෙම ගුවන් යානා දෙකම එකම ධාවන පථයක දක්නට ලැබෙන අයුරු දැකගත හැකි අතර බොහෝ දෙනා පවසා සිටියේ විනාඩියක ප්‍රමාදයක් සිදු වුනා නම් විශාල අනතුරක් සිදු විය හැකි බවයි.

කෙසේ වෙත්ත ගුවන් නියමුවාගේ දක්ශතාවය හේතුවෙන් අනතුර වලක්වා ගැනීමට හැකි වූ බවට සදහන්.

එරට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එම අවස්තාවෙදී රාජකාරියේ යෙදී සිටි ගුවන් ගමනාගමන පාලක නිලධාරියා සේවයෙන් පහ කිරීමට කටයුතු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරේ