Friday, April 18, 2025

General line - 0115112241

“පස් පොඩ්ඩා” ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

ටී කේ ජී කපිල



ගම්පහ ප්‍රදේශයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුව සිටි “පස් පොඩ්ඩා”‍ නැමැත්තාට වෙඩි තබා ඝාතනය කර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර වෙත පළා ගොස් සිටි වෙඩික්කරු  අද  යළි මෙරටට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් විසින්.

2022 ජූලි මසදී ගම්පහ  “පස් පොඩ්ඩා”‍ වෙඩි තබා ඝාතනය කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු ගුවන් තොටුපළ පොලිසිය වෙත භාර දීමට නියමිතව තිබෙනවා.