Saturday, May 31, 2025

General line - 0115112241

ගුවන් යානා නාශක උණ්ඩ තොගයක් පැරණි ළිඳකින් සොයා ගැනේ



පුදුකුඩිඉරිප්පු දේවපුරම් ප්‍රදේශයේ පැරණි ළිඳක් තුළ සඟවා තිබූ ගුවන් යානා නාශක උණ්ඩ 992ක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

එම ළිඳ පිහිටි ඉඩමේ හිමිකරු, ළිඳ පිරිසිදු කිරීමේදී ඒ තුළ තිබී මෙම උණ්ඩ හමුවී ඇති  බවයි පොලිසිය පැවසුවේ.

පසුව ඔහු විසින් ඒ බව පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානය දැනුවත් කර තිබෙනවා.

යුධ සමයේ ත්‍රස්තවාදී සාමාජිකයන් විසින් එම ගුවන් යානා නාශක උණ්ඩ එලෙස සඟවා තබන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.