Wednesday, February 26, 2025

General line - 0115112241

"සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලිය සඳහා ලියාපදිංචිය දැන් ඇරඹේ 



අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පූර්ණ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සංසදය විසින් මුළු දිවයින ම ආවරණය වන පරිදි සංවිධානය කරනු ලබන "සංස්පර්ශ 2024" සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. 

කොළඹ සහ මහනුවර මධ්‍යස්ථාන 02 කදී පැවැත්වෙන පළමු වට දෙකකින් සහ ඉන් සුදුසුකම් ලබන තරගකරුවන් සඳහා පැවැත්වෙන දෙවන වටයකින් සමන්විත වන මෙම තරගාවලියේ පළමු වටයේ කටයුතු 2024 ජූනි 23 වැනි දා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ දී ආරම්භ වීමට නියමිත යි.

තරගාවලිය සඳහා පාසල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට ඇති අතර, එළැඹෙන ජූනි මස 14 වන දින පාසල් ලියාපදිංචිය අවසන් කිරීමට නියමිත යි. 

දිවයින පුරා සෑම පාසලකම මාධ්‍යකාමී පාසල් හිතවතුන් ට මෙම තරගාවලිය සමඟින් සම්බන්ධ වන ලෙසට සමස්ත ලංකා පාසල් මාධ්‍යවේදීන්ගේ සංසදය ආරාධනා කරයි.