දින 04ක් පුරා ක්‍රියාත්මක කෙරුණු දුම්රිය රියදුරන් පිරිසකගේ වැඩ වර්ජනය අද පස්වරුවේ අවසන් කෙරුණා.
ඒ, ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
කෙසේවෙතත් වර්ජනය අවසන් වුවද අද පස්වරුවේත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු නොවන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ලේකම් එස් ආර් සී එම් සේනානායක පැවසුවේ.
දුම්රිය රියදුරන් පිරිසක් ආරම්භ කළ මෙම වැඩ වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේද දුම්රිය ගමන් වාර 40කට වැඩි ප්‍රමාණයක් අවලංගු වුණා.
ඒ අනුව අද දිනයේද තමන් පීඩාවට පත් වූ බවයි දුම්රිය මගීන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.
දුම්රිය රියදුරන් බඳවා ගැනීම, උසස් වීම් මෙතෙක් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරන් පිරිසක් එලෙස වර්ජනයේ නිරත වුණා.
ඊට දුම්රිය ධාවනාගාර පහෙන් ධාවනාගාර දෙකක රියදුරන් එක්ව සිටියා.