Wednesday, February 26, 2025

General line - 0115112241

දහතුන බලාත්මක කරනවා කියූ සජිත්ට දේශපාලන පක්ෂවලින් ප්‍රතිචාර



13වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ප්‍රකාශයට දේශපාලන පක්ෂ විරෝධය පළ කරනවා.

කිලිනොච්චි ප්‍රදේශයේ පැවැති උත්සවයකට එකත්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ සිය රජයක් යටතේ 13වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවයි. 


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙලෙස අදහස් පළ කළා.


13වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බලතල ඉදිරියට ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේදැයි විපක්ෂ නායකවරයා රටට පැහැදිලි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා. 


මේ අතර සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජනා වූ ආර්ථික කමිටු විවාදය සම්බන්ධයෙන්ද  පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අදහස් පළ කළා.


කෙසේවෙතත් එම විවාදය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය දැක්වූයේ මෙවන් අදහසක්.