විදුලි ගාස්තු පහළ දැමීම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ නිසි අධ්‍යයනයකින් පසුව බව බලශක්ති විශ්ලේෂකයින් පවසනවා.
ඒ අනුව පසුගිය වසරේ සහ මෙම වසරේ පළමු මාස 03 තුළ ලැබූ ආදායම, පසුගිය මැයි මාසයේ විදුලි බල මණ්ඩලය ලැබූ ලාභය ඇතුළු කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව විදුලි ගාස්තු පහළ දැමිය යුතු අගයන් නිශ්චිතව ප්‍රකාශ කළ හැකි බවයි බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව පැවසුවේ.
ජනතාවට දැනෙන අයුරින් විදුලි ගාස්තු පහළ දැමීමට මීට පෙරද අවස්ථාව තිබියදීත් ලංකා විදුලිබල මණ්ඩලය එලෙස කටයුතු නොකළ බවද බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර විදුලි ගාස්තු ජූලි මස පළමුවනදා සිට පහත දැමීමට යෝජනා කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ගාස්තු අඩුකිරීම හරහා ගෘහස්ථ පාරිභෝගිකයන්ට වැඩි සහනයක් හිමිවීමට නියමිත බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.
ඒකක 0 සිට 30 අතර විදුලි ඒකකයක මිල රුපියල් 08 සිට 06 දක්වා ද ඒකක 30 සිට 60 අතර විදුලි ඒකකයක මිල රුපියල් 20 සිට 09 දක්වා ද අඩු කිරීමටයි යෝජනා කර ඇත්තේ.
ඒකක 60 සිට 90 අතර විදුලි ඒකකයක මිල රුපියල් 30 සිට 18 දක්වා අඩුවනු ඇති.
ඒකක 09 සිට 120 අතර විදුලි ඒකකයක මිල රුපියල් 50 සිට 30 දක්වා අඩු කිරීමටද යොජනා කර තිබෙනවා.