Wednesday, February 26, 2025

General line - 0115112241

ගිනිගත්හේන, දියගල ප්‍රදේශයේ රිය අනතුරක්

හැටන් රංජිත් රාජපක්ෂ



හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, දියගල ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අධික වේගයෙන් ධාවනය වී ඇති වෑන් රථය ලිස්සා ගොස් ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

අදාළ වෑන් රථය බස් රථයේ ගැටීමෙන් පසු වෑන් රථයේ රියදුරා සහ එහි ඉදිරිපස අසුනේ සිටි තවත් පුද්ගලයෙකු සිරවී සිට ඇති අතර බස් රථයේ සිටි මගීන් දැඩි පරිශ්‍රමයක් දරා වෑන් රථයේ දොර විවෘත කර තුවාලකරුවන් ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත යොමුකර තිබෙනවා.