Wednesday, February 26, 2025

General line - 0115112241

ඩොලර් බිලියන 04කින් ණය වැඩිවූ හේතුව සියඹලාපිටිය හෙළි කරයි

නිහාල්සිරි ගම්ලත්



මෙම වසරේ පළමු කාර්තුව තුළ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 04කින් ඉහළ යාමට හේතු වී ඇත්තේ ඩොලරයට සාපෙක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙම වසරේ පළමු කාර්තුව තුළ රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරය සියයට 07කට ආසන්න ප්‍රමාණයකින් අවප්‍රමාණය වී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.  

මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 06කට ආසන්න වී ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.