ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම සහ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළා.
ඒ, එම නඩුව අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවූු අවස්ථාවේදීයි.
එහිදී නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වග උත්තරකාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව වාරණ නියෝගය මේ මස 25 වන දක්වා දීර්ඝ කරන ලෙසත් අධිකරණය විසින් නියම කරනු ලැබුවා.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.