Wednesday, February 26, 2025

General line - 0115112241

දහතුන ක්‍රියාත්මක කිරීම ගැන සජිත්ගෙන් යළි ප්‍රකාශයක්



13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහසින් කඩා වැටුණු දෙයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

තමන් 13වන සංශෝධනයට එහා කරුණක් හෝ ඊට වඩා අඩු කරුණක් පිළිබඳ කතා කර නොමැති බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.

සිය රජයක් යටතේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන බවට තමන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් එල්ල කළ චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. 


මේ අතර යාපනය මණිපායි සෙන්දිලිප්පායි හින්දු විද්‍යාලයට සක්වල වැඩසටහන යටතේ සුහුරු පන්ති කාමරයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ රැකියා විරහිත උපාධිධාරීන් පනස් දහසක් පමණ මෙරට තුළ සිටින බවයි.