Saturday, March 29, 2025

General line - 0115112241

හෙට මැදියම් රැයේ සිට තැපැල් වර්ජනයක්



හෙට මධ්‍යම රාත්‍රී 12 සිට අනිද්දා මධ්‍යම රාත්‍රී 12 දක්වා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුවට නවක සේවකයින් බඳවා ගැනීම නතර කිරීම සහ සේවක උසස්වීම් නතර කිරීමට එරෙහිව එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ.