දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් රජය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා රජය විසින් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ විසින් මේ බව දැනුම් දුන්නා.
මෙම නඩුව ඉකුත් දිනයේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේශගුණක විපර්යාස අවම කිරීම සඳහා රජය විසින් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට චෝදනා කර තිබුණා.
ඒ අනුව දේශගුණික විපර්යාසයන් අවම කිරීම සඳහා රජය විසින් ගෙන තිබෙන ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් නඩු දිනයේදී නීතිපතිවරයාට නියෝග කළා.
ඒ අනුව අදාල පෙත්සම මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ විසින් අධිකරණයට එම වාර්තාව ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් පියවරයන් රාශියක් ගෙන තිබෙන බවයි.
ඒ අනුව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අදාළ වාර්තාව අධ්‍යයනය කර පෙත්සම්කාර පාර්ශ්වයේ නිරීක්ෂණ අගෝස්තු මස 01 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළා.