මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.
ඒ එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එහිදී විනිසුරුවරයා නියෝග කළේ අදාළ පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙසයි.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වන තෙක් තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවයි.
එබැවින් එම තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.