පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා අනාගතය මේ වන විට අධි අවදානමකට පත්ව තිබෙනවා.
ඒ, අද පැවැත්වීමට නියමිතව තිබූ නේපාලයට එරෙහි තීරණාත්මක තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැරීම හේතුවෙන්.
තරඟය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 05ටයි.
එහෙත් වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීම කල් දැමුණා.
එක් අවස්ථාවක වර්ෂාව නතර වීමත් සමග තරඟය යළි අරම්භ කිරීමටයි තීරණය කර තිබුණේ.
එහෙත් පසුව වර්ෂාව ඇද හැලීමත් සමග තරඟය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු වුණා.
ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවී තිබෙනවා.
එක් ප්‍රසාද ලකුණක් බැගින් හිමි වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තුළ රැඳී සිටීම සම්බන්ධයෙන් සියුම් බලාපොරොත්තුවක් තබා ගත හැකියි.
කෙසේවෙතත් නෙදර්ලන්තය සහ බංග්ලාදේශය අතර හෙට පැවැත්වෙන තරඟතීරණයක් සහිතව එක් කණ්ඩායමකට ජයග්‍රහණය හිමිව අවසන් වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වනවා.
ඒ, මෙම කණ්ඩායම් දෙකම දැනටමත් ප්‍රසාද ලකුණු දෙක බැගින් හිමි කර ගෙන සිටීම හේතුවෙන්.
මේ අතර ඕස්ට්‍රේලියාව සහ නැමේබියාව අතර තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා.