අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත් හන්ටර් බයිඩ්න් වරදකරු කරමින් එරට අධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ පුත්‍රයෙකුට සාපරාධී චෝදනාවක් එල්ල වූ පළමු අවස්ථාව මෙය බවයි.
54 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු ජනාධිපතිගේ පුත්‍රයා 2018 වසරේදී ගිනි අවියක් මිලදී ගැනීමට අසත්‍ය තොරතුරු ලබා දුන් බවට චෝදනා තුනක් එල්ල වී තිබුණා.
12 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් මගින් පැය තුනක සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔහු අදාළ චෝදනා තුනටම වරදකරු ලෙස ප්‍රකාශයට පත් කළා.
ගිනි අවියක් මිලදී ගැනීමේදී තමන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට අමෙරිකානු ජනාධිපතිගේ පුත්‍රයා නිවැරදි තොරතුරු ප්‍රකාශ කර නොතිබූ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටියදී ගිනි අවියක් ළඟ තබාගත් බවටද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
කෙසේවෙතත් එම සියලු චෝදනා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත් හන්ටර් බයිඩ්න් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්.
ඔහු පවසන්නේ තමන් ගිනි අවිය මිලදී ගැනීම සඳහා ඉල්ලුම් කරන විට මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් සුවය ලබමින් සිටි බවයි.
මෙම චෝදනාව අනුව අමෙරිකානු ජනාධිපතිගේ පුත්‍රයාට සිර දඬුවමකට මුහුණ දීමට සිදු වනු ඇති.
අධිකරණය අමෙරිකානු ජනාධිපතිගේ පුත්‍රයා වරදකරු කළද ඔහුට හිමි දඬුවම ප්‍රකාශයට පත් කළේ නැහැ.
ඒ අනුව අධිකරණ තීන්දුවෙන් දින 120ක් ඇතුළත ඔහුට හිමි දඬුවම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. නඩුව සැප්තැම්බර් මාසයේදී යළි කැඳවනු ඇති.