ජලය පානය කිරීමෙන් කොළඹ අවට ප්‍රදේශවල ජනතාවට පාචනය හා වමනය යන රෝග තත්ත්වයන් වැලඳී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එහි රසායනාගාර සේවා අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී ජයලාල් විජේසිංහ පැවසුවේ ජනතාවට පානීය ජලය සපයනු ලබන්නේ නිසි ක්‍රමවේදයෙන් යටතේ සිදුකරන පිරිපහදු ක්‍රියාවලියකින් අනතුරුව බවයි.
ජලයේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක්ද සිදු කළ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් සපයනු ලබන ජලය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.