කහටගස්දිගිලිය ප්‍රාථමික විද්‍යාලයේ 3 ශ්‍රේණියේ පාසල් සිසුන් පිරිසක් පාසලින් ලබා දුන් ආහාර විෂ වීමකින්, ආසාත්මික තත්ත්වයට පත්වී කහටගස්දිගිලිය මූලික රෝහලට ප්‍රථිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා.
මෙම සිසුන් ආහාරයට ගෙන ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශයේ උපදෙස් පරිදි දිනපතා පාසලෙන් උදෑසන ලබාදෙන ආහාරයි.
පසුව කෙටි වේලාවක් ගතවනවාත් සමඟ ඇඟ කැසීම් තත්ත්වයක් හටගෙන ඇති අතර කඩිනමින් සිසු සිසුවියන් 25 දෙනෙකු ප්‍රථිකාර ලබා දීම සඳහා රෝහල් ගත කිරීමට පාසල් බලධාරින් කටයුතු කර තිබුණා.
උදැසන ආහාර ලෙස කතුරුමුරුන්ගා කොල මැල්ලුම්, හාල්මැස්සන්, බණ්ඩක්කා සිසුන් හට ලබාදී තිබූ බවත් එම ආහාර හේතුවෙන් මෙම ආසාත්මිකතාව ඇති වීමට හේතු වී ඇති බවත් ඒ පිළිබඳ අප කළ විමසීමකදී රෝහල් වෛද්‍යවරුන් පැවසුවා.