තීරුබදු නොමැතිව මෙරටට ගෙන්වූ නීති විරෝධී දුම්වැටි ජාවාරමේ යෙදුනු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයෙහි නිලධාරීන් පිරිසක් විසින් රාගම, පොඩිවි කුඹුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
එම වැටලීමේදී රුපියල් තුන්ලක්ෂ විසි දෙදහසක් වටිනා දුම්වැටි 4,600ක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයෙකු වන අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන රාගම පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.