පුරාවස්තු ඇති ස්ථානයකින් කැණීම් සිදු කර ලබාගත් රත්රන් මිශ්‍ර වටිනා ලෝහ කැටයක් අලෙවි කිරීමට සැරසුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලද තොරතුරකට අනුව ගිරිබාව යාය 05, වරාවැව ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදීයි.
එම වැටලීමේදී කැණීම් කර ලබාගත් බවට සැකකෙරෙන කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 854කින් යුත් රත්රන් මිශ්‍ර ලෝහ කැටයද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 400ක්ද තිබූ ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
සැකකරු 41 හැවිරිදි වියේ පසුවන වරාවැව, සගබෝපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඔහු සම්බන්ධ විමර්ශන ගිරිබාව පොලිස් ස්ථානය වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.