බිබිල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ වෑගම ප්‍රදේශයේ මාරක රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
බිබිල සිට කොටගම දෙසට ධාවනය වූ මගී බස් රථයක් නඩත්තු සඳහා ගරාජයක් ඉදිරිපිට නවතා තිබියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ.
අදාළ අනතුර හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් හය දෙනෙකු තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
මොවුන් වෑගම බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මෘත ශරීර බිබිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා.
අනතුරට අදාලව බස්රථයේ රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට ගෙන ඇති අතර බිබිල පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරනු ලබනවා