Wednesday, February 26, 2025

General line - 0115112241

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනයට තවත් විශේෂ කමිටුවක්



පාස්කු ප්‍රහාර සිද්ධිය පිළිබඳ සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ අනුව 2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව තොරතුරු, බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය, ජාතික බුද්ධි ප්‍රධානී සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම මෙහි අරමුණයි.

විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මෙම කමිටුවේ සභාපතිවරිය වනවා. 

ඉන්දීය බුද්ධි අංශ ලබාදුන් තොරතුරු මත පදනම්ව ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙන්ම වව්නතිව්හි දී සිදුවූ ඝාතනවලට එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ බවට හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පෙර සිදුකර තිබූ අනාවරණය පිළිබඳව ද මෙම කමිටුව විමර්ශනය කිරීමට නියමිතයි.

මෙම කමිටුවේ වාර්තාව සැප්තැම්බර් මස 15 වනදාට පෙර ලබාදිය යුතු වනවා.