Wednesday, February 26, 2025

General line - 0115112241

 IMF සතුටින් - ශ්‍රී ලංකාවට අද ඩොලර් මිලියන 335ක්.

එන් ඒ ඩබ් නිරෝෂන්



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 335ක මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ අද රාත්‍රියේ ලැබෙන තීරණය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අතිශය වැදගත් බවයි. 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත තුන් වන වාරිකය සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ දෙවන සමාලෝචනය අද සිදු කිරීමට නියමිත බවයි.