අද ඇතැම් දේශපාලනඥයන් විවිධ පොරොන්දු ලබා දුන්නද ඔවුන් කිසිවක් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ, පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා සහභාගී වන තරුණ නියෝජිතයන් සමඟ පැවති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමින්.
මේ අතර ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය පිරිස සැමරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව කමිටු සාමාජිකයන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා.