එක්සත් ජාතීන්ගේ 2758 යෝජනාව වැරදි ලෙස අර්ථකථනය කරන ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් තායිවානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය චීනය සහ පාකිස්තානය විවේචනය කළ බව තායිවාන පුවත් සේවය වාර්තා කරයි.
ජූනි 7 වනදා සිදු කෙරුණු පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ගේ චීන සංචාරය අතරතුර ඔහු නිකුත් කරන ලද ප්‍රකාශයකින්, තායිවානය චීනයේ කොටසක් බවට වන චීනයේ ප්‍රකාශය සම කිරීමක් බවයි තායිවානය පවසන්නේ.
පකිස්තාන අග්‍රාමාත්‍යවරයා එහිදී එක් චීනයක් යන මූලධර්මයට සිය ස්ථිර කැපවීම යලි තහවුරු කළ අතර තායිවානය චීන භූමියේ වෙන් කළ නොහැකි කොටසක් බව ද ඔහු නැවත අවධාරණය කළේය.
කෙසේවෙතත් තායිවානය පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී තායිවානය අත්තනෝමතික චීනයට යටත් නොවන බවයි.
එමෙන්ම තායිවාන විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ චීනයේ දේශපාලන බලහත්කාරය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තායිවානයේ විශ්වාසය වෙනස් නොකරන බවයි.