ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ක්‍රියාත්මක කරන වැඩසටහනේ දෙවන සමාලෝචනය අනුමත කර තිබෙනවා.
එක්ස් සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පැවසුවේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අතිශය වැදගත් බවයි.
ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම සහ 04වන වගන්තිය පිළිබඳ උපදේශනය සම්බන්ධයෙන් වන දෙවන සමාලෝචනය සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ රැස් වුණා.
මෙම අනුමැතිය හිමිවී ඇත්තේ එම සාකච්ඡාවෙන් අනතුරුවයි.
අනුමැතිය ලැබීමෙන් පසු සිදුවන තත්ත්වය පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙලෙස අදහස් පළ කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ක්‍රියාත්මක කරන වැඩසටහනේ දෙවන සමාලෝචනය අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 330ක් හිමි වීමට නියමිතයි.