ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 සිට 06 දක්වා වැඩි කිරීමට අවස්ථාවක් පවතින බව ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පවසනවා.
නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාගේ වසර 06ක්ව පැවති ධූර කාලය වසර 05ක් දක්වා අඩු කළා සේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් වසර 05 සිට 06 දක්වා දීර්ඝ කර ගත හැකි බවයි.
ජනාධිපති ධූර කාලය වසර 05 සිට 06 දක්වා දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන්නේද ?
මේ අතර ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටු සභික, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මෙලෙස අදහස් පළ කළා.
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 සිට 06 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව තුළ සාකච්ඡාවක් පවතින බව නෙත් නිවුස් කණින් කොණින් වැඩසටහනෙන් පළමුවරට අනාවරණ කළා. ඊට අදාළ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.