Saturday, March 29, 2025

General line - 0115112241

කාර්යාල 4,000ක 19,000ක් තැපැල් සේවා අත්හරියි



තැපැල් සේවකයින් මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

එය අද මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මකයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන බවයි.

 

 

වැඩ වර්ජනය හේතුවෙන් සියලු තැපැල් සේවා බිඳ වැටෙන බවයි ඔහු පැවසුවේ.

 

 

අද දිනයේ බෙදා හැරීම සිදු නොවන තැපැල් භාණ්ඩ හෙට දිනයේ බෙදා හැරීමට නියමිත බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.