ඉකුත් දිනවල පැවති ගංවතුර තත්ත්වයත් සමග මියගිය කුකුළන්, ඌරන් වැනි සතුන් මිනිස් පරිභෝජනය සඳහා වෙළඳපොළට නිකුත් කර ඇති බවට පාරිභෝගික සේවා අධිකාරියට තවදුරටත් පැමිණිලි ලැබෙමින් තිබෙනවා.
එහි වැටලීම් හා විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ පැවසුවේ සත්ත්ව මාංශවලට අමතරව පරිප්පු, සහල් සහ සීනිද යළි ඇසුරුම් කර වෙළඳපොළට ලැබිය හැකි බවට තොරතුරු ලැබෙමින් ඇති බවයි.
මිය ගිය සතුන් මිනිස් පරිභෝජනය සඳහා අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවා.
ඉදිරි දිනවලද තවදුරටත් මෙම වැටලීම් ක්‍රියාත්මක බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.