පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පිළිපැනීමෙන් අවහිර වී තිබූ දුම්රිය මාර්ග දෙකෙන් එක් දුම්රිය මාර්ගයක් දහවල් 2.35 වන විට විවෘත කිරීමට දුම්රිය කාර්මික ශිල්පීන් සමත් වී තිබෙනවා.
කොළඹ ජල ධාවක බලාගාර ශිල්පීන් ඇතුළු පනහකට ආසන්න ප්‍රමාණයක් පැය තුනක පමණ කාලයක් දැඩි වෙහෙසක් දරා එම දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කල බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ .
තවද මාර්ගයන් දෙකම ධාවනයට එක් නොකිරිම හේතුවෙන් අද දින සවස ධාවනය වන දුම්රියයන් මොරටුව හා පානදුර දුම්රිය ස්ථාන අතර ප්‍රමාද විය හැකි බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ
අද දින උදෑසන මුහුදුබඩ මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානයේ දුම්රියක් පිලී පැනිම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය මොරටුව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කෙරුණී.
පානදුර දුම්රිය ස්ථානයෙන් ආරම්භ වූ එම දුම්රිය පීලි පැනීමට ලක්වන ආකාරය අසල තිබූ cctv කැමරාවක සටහන් තිබුණු අතර, එම දුම්රිය පීලි පනින මොහොතේ දුම්රිය සිටි මඟියකු දුම්රිය මාර්ගයට ඇද වැටෙන අයුරුද එම සී සිටී කැමරාවේ සටහන්ව තිබුණා