සියලු දෙනාටම පිළිගත හැකි ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ගේ වාර්තාව ඉදිරිපත් කර ඇති බවත් රට මේ විදිහට යන එක නැවතුනොත් බරපතල ගැටලුවකට මුහුණ දීමට සිදු වන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආශුබෝධ මාරසිංහ පවසනවා
ඔහු මේ බව පවසා සිටියේ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී
මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 336 ක මුදලක් 03 වන වාරිකය විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර තිබෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආශුබෝධ මාරසිංහ පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු පවසා සිටියේ මෙවැන්නක්
" ඇමරිකානු ඩොලර් මිලියන 336 ක මුදලක් 03 වන වාරිකය විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරලා තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මෙම නිවේදනය නිකුත් කරල තිබෙනවා.
ඔවුන්ගේ වාර්තාව සඳහන් කරන ආකාරයට සමස්ත මුදල ඇමෙරිකන් ඩොලර් බිලියනයක් පමණ මේ වෙනකොට ශ්‍රී ලංකාවට ලබාදීලා තිබෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ 2023 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට දාළ ඉලක්ක සපුරාලීමට ශ්‍රී ලංකා රජය ට හැකියාව ලැබී තිබෙන බවයි.
ඒ වගේම ව්‍යුහාත්මක වෙනස්කම් 2024 අප්‍රේල් මාසය වන විට සාර්ථකත්වයට ළඟා කර ගැනීමට හැකියාව ලැබිල තියෙනවායි කියන දේත් ඔවුන් සඳහන් කරනවා.
ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතය 2023 වර්ෂයේ දෙවන කාර්තුවේදී 03% කින් ඉහළ ගිහිල්ල තියෙනවයි කියන සඳහන් ඔවුන් කරනවා.
උද්ධමනය සියයට බින්දුවයි දශම නවයකට ඇවිල්ල තියනවයි කියන එකත් ඔවුන් සඳහන් කරනවා.
ඒ වගේම විදේශ සංචිත ඇමරිකන් ඩොලර් බිලියන 5.5 මට්ටම ඉක්මවලා තිබෙනවා.
ඒ වගේම ප්‍රාථමික ගිනිමේ ශේෂය ධන අගයක් වාර්තා කරල තියෙනවයි කියන එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාර්තා කරනවා.
පසුගිය කාලයම අපි විසින් ප්‍රකාශයට පත් කරපුවාම ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන අගයක් කියලා එය පිළිගන්නට ගොඩක් අය මැලි වුණා.
දැන් ඒ සියලු දෙනාටම පිළිගත හැකි ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ගේ වාර්තාව ඉදිරිපත් කරලා තිබෙනවා.
ඒ වගේම ඔවුන් ඒ වාර්තාවේ තවදුරටත් රට මේ විදිහට යන එක නැවතුනොත් බරපතල ගැටලුවකට මුහුණ දෙන්නට වෙනවයි කියන කාරණයත් සඳහන් වෙනවා.
එනිසා මේ රට මේ විදිහටම ඉදිරියට ගිහිල්ලා රටේ සංවර්ධන කටයුතු ඉදිකිරීම අවශ්‍ය වෙනවා.
විපක්ෂයට අවශ්‍ය වෙන්නේ රට විනාශ කරලා කටේ ජනතාව පාරට ඇදලා දාන්න යි.
ඒ වගේම ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් විය යුත්තේ ජයග්‍රහණය කළ යුත්තේ පක්ෂයක් හෝ පුද්ගලයෙක් නොවෙයි මේ රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලයි.
ඒ නිසා මේ යන විදිහ කවුරු හරි වෙනස් කරන්න කතා කරනවනම් ඒකට වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි.
එහෙම වැඩපිළිවෙලක් කිසිම කෙනෙක් ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙමනම් මේ වෙනස් කරොත් සිද්ධ වෙන්නේ නැවත රට කඩා වැටීම පමණයි.
එනිසා ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයෙකු විදිහට සියලු දෙනාගේ කැමැත්තෙන් ජනාධිපති ධුරයට පත්වීමට නියමිත බව අපි ඉතාම සතුටින් දැනුම් දෙන්නට කැමති යි.
අපි ගත්ත ණය වර්ග තුනක් තිබෙනවා.
එකක් තමයි දේශීය ණය,අනිත් එක තමා රාජ්‍යයන් රාජ්‍යයන්ගෙන් ලබා ගන්නා නිල විදේශීය ණය, තුන්වෙනි එක වන්නේ වාණිජ ණය කියලා අපි කියනවා.
ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කිරීම අවසන් වෙලා තිබෙනවා. ඒවගේම රාජ්‍යයන් අතර තියෙන ණය පිළිබඳව අවසාන එකඟතාවයකට ඒමට මේ වසරේ ඉදිරි මාසයේදී අපි බලාපොරොත්තු වෙනවා.
මැතිවරණ ළඟ එද්දි හැමෝම බලනවා ද්ඝෝෂණ වැඩවර්ජන කරලා තමන්ගේ වැටුප වැඩි කරගන්නට මේක මේ රටේ බල ලෝභීත්වය සම්බන්ධව තියෙන ප්‍රශ්නයක් විදියටයි
මම දකින්නේ. දරුවන්ට අඩන්තේට්ටම් කරමින් ධ්‍යාපනය කඩාකප්පල් කරමින් වැඩ වර්ජනය කරන්න එක වැරදියි කියන එක ඔවුන් තේරුම් ගත යුතු වෙනවා.
ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් සියයට හත සහ අට ප්‍රමාණයට දැන් බැංකු ණය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂම ණය නොගෙවා හිටපු අයට අසාධු ලේඛනගත වීමක් වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.
ඔවුන්ගේ ණය ගෙවීමේ ප්‍රශ්නය නිරාකරණය කරගෙන නැවත ණය ලබා ගැනීමට හැකියාව තිබෙනවා ණය නොගැහිටියොතින් ඔවුන්ගේ ගෙවීමේ හැකියාව ප්‍රශ්නකාරී නිසා තමයි අපි මේ ක්‍රිබ් එක ගැන කතා කරන්නේ.
ඒ නිසා ඒ පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් ඇතිකර ගත යුතු නැහැ.
එහි ලකුණු ප්‍රමාණය අඩු වුණාට ගැටලුවක් නෑ සාකච්ඡා කරලා ණය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
විශේෂයෙන්ම ලක්ෂ පහ සහ ඊට අඩු අයට කුමන ආකාරයෙන්ද නැවත සහනයක් ලබා දෙන්නේ කියන එක ගැන
අපි බැංකුත් එක්ක සාකච්ඡා කරගෙන යනවා.
ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් වල පොලිය අඩු කිරීම සම්බන්ධයෙනුත් අපි සාකච්ඡා කරමින් යනවා "