Thursday, February 27, 2025

General line - 0115112241

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 16 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට 



තහනම් දැල් භාවිතයෙන් සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් 

ශ්‍රී ලංකා නාවික හමුදාව; යාපනය, කදෙයිකාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් දහසය දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත්  සැකකරුවන් අවුරුදු 18 ත් 53 ත් අතර වයසේ පසුවන මුල්ලියාන් සහ මීගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වෙනවා.

2024 ජුනි මස 12 වන දින උතුරු නාවික විධානයේ වෙත්තලකේනී නාවික ස්ථානගතකිරීමට අයත් චුන්ඩිකුලම් නාවික අනුඛණ්ඩය මඟින් යාපනය, කදෙයිකාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා අටක් (08)  පරික්ෂාවට ලක් කර තිබුනා 

එහිදී තහනම් දැල් භාවිතයෙන් සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ ඩිංගි යාත්‍රා අටක් (08) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.   
  
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දහසය දෙනාආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබුනා