Wednesday, February 26, 2025

General line - 0115112241

ඉතාලි පාර්ලිමේන්තුවෙත් ගුටි බැට හුවමාරුවක්



ඉතාලි පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

ඒ, ඉතාලියේ කලාපවලට ස්වයං පාලනයක් ලබා දීම සඳහා එරට රජය විසින් ගෙන ආ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදුකරන අවසථාවේදීයි.

එහිදී ඇති වූ උණුසුම් විවාදයක් අතරතුර මෙම ගුටිබැට හුවමාරුව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එම බහින් බස් වීම නිසා පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

විපක්ෂ මන්ත්‍රීවරයෙකු සහ අමාත්‍යවරයකු අතර පළමුව ගැටුමක් හටගෙන ඇති අතර පසුව දෙපාර්ශවයේ මැති ඇමතිවරුන් රැසක් ඊට මැදිහත්වී තිබෙනවා.

ගැටුම අතරතුර බිම ඇද වැටුණු මන්ත්‍රීවරයෙකු එරට පාර්ලිමේන්තු වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් රෝද පුටුවකින් සභා ගර්භයෙන් ඉවත් කරගෙන ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.