Wednesday, February 26, 2025

General line - 0115112241

බංග්ලාදේශය සුපිරි අට දෙනාගේ වටයට කිට්ටු කරයි



2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව ද අයත් වන “ඩී” කාණ්ඩය යටතේ ඊයේ රාත්‍රියේ පැවති තරගයකින් ලකුණු 25ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්. මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 159ක් රැස්කළා.

ශකීබ් අල් හසන් පන්දු 46කදී නොදැවී ලකුණු 64යි. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී රැස්කිරීමට හැකිවුනේ ලකුණු 134ක් පමණයි.

ඒ අනුව “ඩී” කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

බංග්ලාදේශ කණ්ඩායමට තවත් එක් තරගයක් ඉතිරිව ඇති අතර ඒ නේපාල කණ්ඩායම සමඟයි.

එම තරගය ජයගතහොත් බංග්ලාදේශ කණ්ඩායමට සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමට අවස්ථාව හිමිවනවා.