Thursday, February 27, 2025

General line - 0115112241

අල්ලස් කොමිසම භාරයට ගත් වාහන 05ක් රේගුව වෙත භාරදෙන්නැයි නියෝග

උදය කුමාර



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරටට ගෙන්වීමෙන් පසුව අල්ලස් කොමිසම භාරයට ගනු ලැබූ සුඛෝපභෝගී වාහන 05ක් ශ්‍රී ලංකා රේගුව වෙත භාරදෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

රුපියල් කෝටි 60ක පමණ වටිනාකමකින් යුත් මෙම වාහන නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒම නිසා රජයට රුපියල් මිලියන 300 පමණ බදු අහිමි වූ බව අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී හෙළි වී තිබුණා.

මෙම වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව මීට පෙර අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ නියෝග මත ඒවා අත්අඩංගුවට ගෙන තම භාරයට ගැනීමට අල්ලස් කොමිසම විසින් කටයුතු කළා.