Thursday, February 27, 2025

General line - 0115112241

ඇමති විජේදාසට පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

උදය කුමාර



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීමට වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජූනි මස 28 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

මෙම නඩුව කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසුරිය හමුවේ කැඳවූ අවස්ථාවේදී පැමිල්ලිකාර දුමින්ද දිසානායක වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටියේ නැහැ.

ඒ අනුව අදාළ නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් නොවන නිසා එය දීර්ඝ නොකරන බවත් විනිසුරුවරිය සඳහන් කළා.

එහිදී අදාල පැමිණිල්ලේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ සරත් ඒකනායක යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජයමුදිතා ජයසූරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් උත්තර හා විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

එහෙත් ඉන් අනතුරුව නඩුව යළි කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණ හමුවේ කරුණු දක්වමින් තමන් වෙනත් නඩු විභාගයකට සහභාගි වී සිටි හෙයින් මෙම නඩුව සඳහා පෙනී සිටීමට නොහැකි වූ බවත් ඒ අනුව නඩුවට අදාළ වාරණ නියෝගය දීර්ඝ ලෙසත් ඉල්ලා සිටියා.