Friday, April 26, 2024

General line - 0115112241

අද මැච් එකට නළා තහනම්..!




සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ අද (24) පැවැත්වෙන දෙවන එක්දින තරගයට නළා රැගෙන එ්ම තහනම් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසන්නේ ඉදිරි තරග සඳහාද මෙය කි‍්‍රයාත්මක බවයි. එ් අනුව තරග නැරඹීමට පැමිණෙන පේ‍්‍රක්ෂකයින් දැඩි පරීක්ෂාවකට ලක් කරන බවයි පැවසෙන්නේ.

දිවා රාති‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. ඇන්ජලෝ පෙරේරාට හෝ සීක්කුගේ ප‍්‍රසන්නට අද තරගයේදී බෝහෝ විට කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇති බවයි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ.