ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක අනුරාධ කස්තුරිආරච්චි පවසනවා.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රට දිනවිය හැකි එකම අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයා බවයි.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දේශපාලනය කිරීමට නොව රටේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක පවසනවා.
කඩුවෙල ප්‍රදේශයේදී ඔහු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයාට සහය දැක්වීමට පක්ෂ රැසක් මේ වන විට සූදානමින් සිටින බවයි.