රටේ ආර්ථික සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලඥයින් විවිධ අදහස් පළ කරනවා.
රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ආණ්ඩුව ජනතාව මත අමතර බදු පනවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.
දිවුලපිටිය හුණුමුල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.
ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවා කෙටි කාලයක් තුළ නීතිගරුක රටක් බවට පත් කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
රට දිනන මඟ මැයෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ව්‍යාපාරික හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ සිය රජයේ කැබිනට් මණ්ඩලය උපරිමය 25 දෙනෙකුගෙන් සමන්විත වන බවයි.
කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමෙන් අනතුරුව බොහෝ පිරිසක් ඔහු සමග එක් වන බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ.