Thursday, February 27, 2025

General line - 0115112241

අඟහරුගේ ආවාටයක් ඉන්දීය භෞතික විද්‍යාඥයෙකු නමින් නම් කෙරේ



අලුතින් සොයා ගත් අඟහරු මතුපිට ආවාටයක් සඳහා  ‘ලාල්' යන නමින් නම් කිරීමට ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පියවර ගෙන  තිබෙනවා.

ඉන්දීය භෞතික විද්‍යාඥ දේවේන්ද්‍ර ලාල් ට ගරු කිරීමක් ලෙස මෙම නම යොදා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ලාල්' යන නමින් නම් කෙරුණේ අඟහරුගේ දකුණු අර්ධගෝලයේ කිලෝමීටර් 69ක විශ්කම්භයකින් යුත් ආවාටයකි.

භෞතික විද්‍යාඥ දේවේන්ද්‍ර ලාල් (1929-2012) කීර්තිමත් විද්‍යාඥයෙක් වූ අතර ඔහු අහ්මදාබාද් නුවර ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පිහිටුවීමේ දී එහි පුරෝගාමියකු ලෙස කටයුතු කර තිබෙනවා.


මේ අතර  තවත් ආවාට දෙකක් උතුරු ඉන්දීය නගර දෙකක් වන 'මුස්රාන්' සහ 'හිල්සා' යනුවෙන් ද නම් කිරීමට ඉන්දීය ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පියවර ගෙන තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියාවද  'මංගල්‍යාන්' නමින් හැදින්වෙන රොබෝ ගවේෂණ යානයක් අඟහරු කක්ෂයට යවා ඇති අතර 'මංගල්‍යාන් 2' නමින් තවත් යානයක් අඟහරු බලා යැවීමට ඉන්දීය විද්‍යාඥයෝ නිර්මාණය කරමින් සිටින බවද මාධ්‍ය වාර්තා කරනවා.