වැටුප් ගැටලුව ඇතුළු විශ්වවිද්‍යාල වෘත්ති සමිතිවල ඉල්ලීම් ජනාධිපතිවරයා විසින් පත්කරන ලද රාජ්‍ය සේවා ගැටලු විසඳන අනු කමිටුවට යොමුකළ බව විශ්වවිද්‍යාල කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ ඒ පිළිබඳ සියලුම විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ද දැනුවත් කර ඇති බවයි.
එමෙන්ම අදාළ ගැටලු සම්බන්ධයෙන් හෙට දිනයේ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක් පවත්වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා කැදවා ඇති සමඟ සාකච්ඡාවට සිය වෘත්තීය සමිති සහභාගී වන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ භාණ්ඩාගාරික ටී ඒ ජී සුරංජීව පැවසුවා.
සිය ගැටලුවලට විසඳුම් ලබාදෙන තෙක් අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.