Saturday, March 29, 2025

General line - 0115112241

මෝදිගේ සෙල්ෆියක් ලෝකේ පුරා යයි



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි ගනු ලැබූ සෙල්ෆි ‍‍ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

ඉතාලි අග්‍රාමාත්‍යවරිය විසින් එම ‍ඡායාරූපය ලබා ගෙන තිබුණේ එරට පැවැති ජී7 සමුළුවේදියි.

අනතුරුව ඇය එම ‍සෙල්ෆි ‍ඡායාරූපය සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත නිකුත් කර තිබුණි.

ඇය එම ‍ඡායාරූපය පළ කර තිබුණේ "මෙලෝඩි කණ්ඩායමෙන් ආයුබෝවන්" යැයි පවසමින්.

අනතුරුව එක්ස් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවල ඉතාලි අග්‍රාමාත්‍යවරිය විසින් එම ‍‍ඡායාරූපය පළ කර තිබුණි.

එහිදී නායකයින් දෙපළ විනෝදයෙන් සිටින  සිනහවක් බෙදා ගන්නා බව පෙනේ.