ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසර 04ක කාලය තුළ රැකියා ලබාදීමට නොහැකි වූ බවත් රැකියා අවස්ථා නොලැබුණු සියලුදෙනාට ඉදිරියේදී ක්‍රියාත්මක කරන නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් නව රැකියා අවස්ථා උදාවන බවත් ජනාධිපතිවරයා පැවසුවා. මන්නාරම දිස්ත්‍රික් ”තරුණ සමුළුවට” සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ හමුවකට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළා.
එහිදී අදහස් පළකළ ජනාධිපතිවරයා පැවසුවේ තමන් රට භාරගනු ලැබුවේ ගැටලු රැසක් තිබියදී බවයි.
ඉදිරියේ දී මන්නාරම සහ ත්‍රිකුණාමල ප්‍රදේශවල වටිනාකම ඉහළ යනු ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.
මන්නාරම නගර ශාලාවේදී පැවති මන්නාරම දිස්ත්‍රික් ”තරුණ සමුළුවට” ජනාධිපතිවරයා පළමුව එක් වුණා. ”දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්” මැයෙන් මෙම තරුණ සමුළුව සංවිධාන කර තිබූ අතර උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ සිසුන්ට සහතික පත් හා මුදල් ත්‍යාග පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු වුණා.