Thursday, February 27, 2025

General line - 0115112241

මක්කම ගිය 14 ක් මරුට - තවත් 17 ක් අතුරුදන්



සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉස්ලාම් වන්දනාකරුවන් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

එමෙන්ම තවත් වන්දනාකරුවන් 17 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ වන විට සෞදි අරාබියට බලපා ඇති අධික උෂ්ණත්වය මෙම මරණ සඳහා හේතු වී තිබෙනවා.

එහි උෂ්ණත්වය  සෙල්සියස් අංශක 47 දක්වා ඉහල ගොස් ඇති අතර මෙම තත්ත්වය දිගටම පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවයි එරට රජය පැවසුවේ.

සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය උපදේශනයක් නිකුත් කරමින් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ දවසේ ඉහළ උණුසුම් තත්ත්වයක් පවතින පෙරවරු 10 සිට පස්වරු 04 දක්වා කාලය තුළ එළිමහනේ සිටීමෙන් වළකින ලෙසයි. 

මක්කම වන්දනාව යනු ලොව ඉස්ලාමීය භක්තිකයන් විශාල ලෙස ඒකරාශී වීම් සිදුවන ස්ථානයක්.

මෙම වසරේ මක්කම වන්දනාව සඳහා මිලියන 01යි දශම 08කට අධික වන්දනාකරුවන් පිරිසක්  සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පසුගිය වසර 30 තුලදී තෙරපීම්, කූඩාරම් ගිනි ගැනීම්, සහ අධික උණුසුම හේතුවෙන් සිය ගණනක් පිරිස්  මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන මොහොමඩ් අල්-අබ්දුලාලි පැවසුවේ

මේ වනවිට වන්දනාකරුවන් 2,760කට අධික  පිරිසක් උෂ්ණත්වය හේතුවෙන් පිඩා විදින බවයි.

මෙම වසරේ හජ් උත්සවය අතරතුර මක්කම වන්දනාවේ ගිය ඉරාන වන්දනාකරුවන් 05 දෙනෙකු ද මිය ගොස් ඇති බව එරට රතු ක්‍රෙසන්ට් සංවිධානය සඳහන් කළා.

කෙසේවෙතත් ඔවුන් මිය ගියේ කෙසේද යන්න ඉරාන රජය තවමත් ප්‍රකාශ කර නැහැ.

මේ පිළිබඳව ජෝර්දානයේ විදේශ අමාත්‍යාංශය පැවසුවේ මක්කම වන්දනාවේ ගොස් මිය ගිය ජෝර්දාන වැසියන්ගේ දේහයන් සෞදි අරාබියේදී භූමදාන කිරීමට හෝ දේහයන් ජෝර්දානයට ගෙන්වා ගැනීමට සෞදි බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ජා කරන බවයි.