Thursday, February 27, 2025

General line - 0115112241

පෘථිවි හරයේ භ්‍රමණ වේගය අඩුවෙයි - දින සහ කාලය වෙනස්වන ලකුණු



පෘථිවි අභ්‍යන්තර හරය ග්‍රහලෝකයේ මතුපිටට වඩා සෙමින් භ්‍රමණය වන බව විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් නිකුත් කල වාර්තාවකින් තහවුරු කර තිබෙනවා.

මේ හේතුවෙන්  පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ ස්ථායීතාවය සහ දින සහ කාලය  සඳහා සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවයි දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ (USC) විද්‍යාඥයින් පවසන්නේ.

විශ්ව විද්‍යාලයේ (USC) විද්‍යාඥයින් කණ්ඩායම සිදුකල මෙම පර්යේෂණ වාර්තාව ඇතුලත් Science Alert සහ Nature සඟරාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 2010 වසරේ සිට අභ්‍යන්තර හරයේ වේගය අඩු වීමට පටන් ගෙන ඇති බවයි.

එය ආසන්න වශයෙන් වසර 40 කට පසු පෘථිවි ආවරණයට වඩා සෙමින් ගමන් කරන පළමු අවස්ථාව මෙය වන බවයි දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ (USC) විද්‍යාඥයින් නිකුත් කල වාර්තාවේ දැක්වෙන්නේ 

අභ්‍යන්තර හරයේ චලනය දශක දෙකක් තිස්සේ විද්‍යාඥයින්  විසින් විවාදයට ලක් කර ඇති අතර, අභ්‍යන්තර හරය ග්‍රහලෝකයේ මතුපිටට වඩා වේගයෙන් භ්‍රමණය වන බව සමහර පර්යේෂණ වලින් පෙන්නුම් කර තිබෙනවා.

නව USC අධ්‍යයනය මගින් අභ්‍යන්තර හරය පෘථිවි පෘෂ්ඨයට වඩා සෙමින් ගමන් කරමින් 2010 දී පමණ එහි වේගය අඩු වීමට පටන් ගත් බවට නිසැක සාක්ෂි සපයන බවයි USC Dornsife College of Letters, Arts and Sciences හි පෘථිවි විද්‍යාව පිළිබඳ පීඨාධිපති ජෝන් විඩේල් එම වාර්තාවේ දක්වා තිබෙන්නේ.

අභ්‍යන්තර හරය ද්‍රව යකඩ නිකල් පිටත හරයෙන් වට වූ ඝන යකඩ-නිකල් ගෝලයක් පවතින බවත් එය රහලෝකයේ මතුපිටට සිට සැතපුම් 3,000කට වඩා වැඩි දුර කින් පැවතීම නිසා පර්යේෂකයන්ට අභියෝගයක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

අභ්‍යන්තර හරයේ චලනයේ විදැහුම්කරණයන් නිර්මාණය කිරීම සඳහා විද්‍යාඥයන් භූමිකම්පා වල භූ කම්පන තරංග භාවිතා කළ යුතුය.

අධ්‍යයනය සඳහා, John Vidale සහ ඔහුගේ සගයන් 1991 සහ 2023 අතර දකුණු අත්ලාන්තික් සාගරයේ දකුණු සැන්ඩ්විච් දූපත් ආශ්‍රිතව වාර්තා වූ පුනරාවර්තන භූමිකම්පා 121 ක කියවීම් විශ්ලේෂණය කර තිබෙනවා.

ඔවුන් 1971 සහ 1974 අතර සිදු කරන ලද සෝවියට් න්‍යෂ්ටික පරීක්ෂණවල දත්ත මෙන්ම අභ්‍යන්තර හරය පිළිබඳ වෙනත් අධ්‍යයනයන්හි ප්‍රංශ සහ ඇමරිකානු න්‍යෂ්ටික පරීක්ෂණවල දත්ත ද භාවිතා කර ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ