විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සන්තකව සිටි සැකකරුවෙකු රඹුක්කන, හිරිවඩුන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රඹුක්කන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
ඔහු නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීමේ අපරාධ කිහිපයකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවටද සිදුකළ විමර්ශනවලදි අනාවරණ වි තිබෙනවා.
සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලීසිය පැවසුවේ.