වෙළඳපොලේ පොල් තෙල් මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
රුපියල් 400ට පමණ අලෙවි වූ පොල් තෙල් බෝතලයක් මේ වනවිට අලෙවි කෙරෙන්නේ රුපියල් 550ක් වැනි මිලකට බවයි වෙළඳුන් පවසන්නේ.
පොල් තෙල් ආනයනකරුවන් උත්සවය සමය ඉලක්ක කර ගනිමින් එලෙස මිල ඉහළ දමා ඇති බවට චෝදනා එල්ල වනවා.
එවන් පසුබිමක් තුළ ඉදිරියේදී ආනයනික පොල්තෙල් බෝතලයක මිල රුපියල් 1,000ක් දක්වා වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බවයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැදවුම්කරු බුද්ධික ද සිල්වා පැවසුවේ.