මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ කජු ව්‍යාපෘතියක. මුරකරුවෙකු ඊයේ (16) කජු වත්ත තුළ දී. බඳින තුවක්කුවකට ගොදුරු වීමෙන් වෙඩි වැදී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ පරප්පකණ්ඩල් ,උයිලන්කුලම පදිංචි කේ සිවගුරුනාදන් (44) නමැති පුද්ගලයා බවයි පොලිසිය පවසන්නේ.
කජුවත්තේ මුරකරුවෙකු වශයෙන් රාජකාරී කරන මෙම පුද්ගලයා පෙරේදා රාත්‍රියේ. වත්තට වන අලියෙකු ඇතුළු වී ඇති බවට දැනගෙන , ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඇවිද යමින් සිටියදී මෙලෙස බඳිනතුවක්කුවට ගොදුරු වී ඇති බව පොලිසිය සඳහන් කර සිටියේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මන්නාරම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
කජුවත්ත තුළ වන සතුන් දඩයම් කිරීම සඳහා කිසිවකු විසින් මෙම තුවක්කුව බඳින්නට ඇති බවට පොලිසිය සැක කරන අතර සිලාවතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබනාවා.