Thursday, February 27, 2025

General line - 0115112241

මැතිවරණවලට තරඟ කරන ද්විත්ව පුරවැසියන්ට වැට බදින්න බැරිද? - කොමිසම කතා කරයි



ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් මැතිවරණ සඳහා තරඟ කිරිමට ඉදිරිපත් වී ඇත්දැයි සොයා බැලීමට නීතිමය ඉඩකඩක් හිමිව නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ  මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් සියලු තොරතුරු ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

එහෙත් එලෙස දිවුරුම් ප්‍රකාශ ලබා නොදෙන අපේක්ෂකයන්ට එරෙහිව පවතින මැතිවරණ නීතිය යටතේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවද නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.