සිය ඉල්ලීම්වලට අද පස්වරු 04ට පෙර විසදුම් ලබා නොදුනහොත් අත්හිටවූ ක්ෂණීක වෘත්තීය ක්‍රියාමාර්ගය යළි ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ සිය ගැටළු පිළිබඳ වැඩ බලන ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ගත් තීරණ පස්වරු 04ට පෙර ක්‍රියාත්මක විය යුතු බවයි.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී අදහස් පළකළා.
මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා පැවසුවේ සිය සංගමයේ නියෝජිතයින්ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා අද දිනයේ සාකච්ඡාවකට කැඳවා ඇති බවයි.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ආරම්භ කළ වර්ජනය අද ක්‍රියාත්මක වන්නේ 47වන දිනටයි.